2023 ජනවාරි 17, ප.ව. 1:39
නිකවැරටිය නගරාසන්නයේ ප්‍රධාන පාසලක 11 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවෙක් ඉකුත්දා එල්ලී මියගොස් තිබෙනවා.
නිකවැරටිය මාගුල් ඕතොට කොට්ටාශයේ හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ නිකවැරටිය මූලික රෝහලේ දී එහි මරණ පරීක්ෂණය ඉකුත්දා සිදු කරනු ලැබුවා.
මරණ පරීක්ෂණයේ දී මියගිය සිසුවා සිසුවා ගේ පියා වන එස්.කේ.ධම්මික ප්‍රසාද් මහතා සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කළා,
“මියගොස් සිටින මගේ පුතාට සෙම, පීනස තියෙන නිසා නිතරම ඇස් රතු වීම, හිස බර ගතිය තියෙනවා. මේ හේතුවෙන් පන්ති පන්තිභාර ගුරුවරයා නිතරම පුතාගෙන් අහලා තියෙනවා මත්ද්‍රව්‍ය ගන්නවා නේද කියලා. ඒ සර් දුරකථනයෙන් කතා කරලා ඇහුවා. මම නෑ කිව්වට සර් පිළිගත්තෙ නෑ. අපිට බොරු කරමින් පුතා මත්ද්‍රව්‍ය ගන්නවා කියා සර් මට කීවා. දිගින් දිගටම සර් පුතා ගෙන් මත්ද්‍රව්‍ය ගන්නවා නේද කියා අහලා තියෙනවා. දවසක් පුතා නැගිටලා ඩෙස්ක් එකට ගහලා කෑ ගහලා කියලා තියෙනවා මත්ද්‍රව්‍ය ගන්නේ නෑ කියලා. පස්සේ පුතා ඉස්කෝලේ යන්න බෑ වෙන ඉස්කෝලෙකට දාන්න කියලා කිව්වා. මම ඉස්කෝලෙට ගිහින් ඒ බව කීවාම පන්ති කණ්ඩායම් වෙනස් කරන බව සර් කිව්වා. සිද්ධිය වුණ දවසේ සිකුරාදා දවසම පුතා පන්තියේ හඬමින් ඉදලා තියෙනවා. පුතාට ලොකු මානසික පීඩාවක් තිබිලා තියෙනවා. පුතාට ගෙදරින් කිසිම කරදරයක් තිබුනෙ නෑ. අපිට හිටපු එකම පුතා. වෙන කිසිම දරුවකුට මෙවැනි දෙයක් සිදු වෙන්න එපා.”
පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කීපදෙනකු ද සාක්ෂි දෙමින් කියා සිටියේ මියගිය සිසුවාට මත්ද්‍රව්‍ය චෝදනා නොමැති බවයි.
ස්ථාන පරීක්ෂාවේ දී ලැබුණු සාක්ෂි වලට හා වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණය ගෙලවැලලා ගැනීමකින් සිදුවූ මරණයක් බවට නිකවැරටිය මාඟුල් ඕතොට කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක සජිත් ධර්මසිරි මහතා නිගමනය කළ අතර පාසලේ ගුරුවරයකු ගේ බලපෑම හේතුවෙන් සිසුවා මානසික පීඩාවකට ලක්ව සිටින බවට ලැබුණු සාක්ෂිවලින් අනාවරණය වන බව ද සඳහන් කළා.
2025 ජූනි 18, පෙ.ව. 12:12
2025 ජූනි 18, පෙ.ව. 12:09
2025 ජූනි 18, පෙ.ව. 12:09
2025 ජූනි 18, පෙ.ව. 12:07
2025 ජූනි 18, පෙ.ව. 12:07