hit counter

2024 දෙසැම්‍බර් මස 29 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:08



තමන්ට නිදහසේ කතා කිරීමට කැමරාව බාධාවක් බව කියමින් අකුරැස්ස සම්බන්ධීකරණ කමිටු රැස්වීම වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට, සම්බන්ධීකරණ කමිටු සභාපති, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කටයුතු කර ඇත.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් ධම්මිකා අනෝජා විසින් මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම කැඳවා තිබූ බවත් සුපුරුදු ආකාරයට තමන් ඒ අවස්ථාව ආවරණය කිරීමට රැස්වීම් සභාවේ සිටියදී අමාත්‍යවරයාගේ මේ ක්‍රියාව හේතුවෙන් තමන් බලවත් දුෂ්කරතාවකට පත්වූ බව බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පවසති.

ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය වෙත සෘජුව බලපාන කරුණු කාරණා සාකච්ඡා කෙරෙන බැවින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ආවරණය කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් සතු බව පෙන්වාදෙන ඔවුන් අමාත්‍යවරයා අමු අමුවේ ඊට අදාළ චක්‍රලේඛය උල්ලංඝනය කළ බවට ද චෝදනා නඟයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ පසුගිය පාලන සමයන්හිදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් කැඳවූ බුද්ධික පතිරණ, මනෝජ් සිරිසේන, චන්ද්‍රසිරි ගජධීර වැනි කිසිදු දේශපාලනඥයකු මේ ආකාරයේ පහත් ක්‍රියාවක් කර නොමැති බවයි.

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා වැරදි පූර්වාදර්ශයක් දෙමින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ආශ්‍රිත තොරතුරු ජනගතවීම වළක්වන්න කටයුතු කිරීම කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයක් බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: