2025 ජූලි 09, පෙ.ව. 12:04
සුගියදා පැවැති මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින් වෙළඳ අමාත්‍යංශයේ සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් කැඳවා එම නිළධාරීන් අපහසුතාවට පත්වන ආකාරයේ ප්‍රකාශ සිදු සිදුකිරීම සහ ඔවුන්ගෙන් අදාළ නොවන ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් ප්‍රකාශ කළේය.
එහිදී සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් ගැසට් නිවේදනයට අදාළ ප්‍රතිපත්තිමය කාරණා නිලධාරින්ගෙන් විමසනවා වෙනුවට ලුණු සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩලයේ පුද්ගලයින්ගේ නම් සම්බන්ධව ප්‍රශ්න කරමින් එම අධ්‍යක්ෂකවරුන්ගේ සම්පූර්ණ නම් නොදැනීම පිළිබඳව නිළධාරීන් වෙත චෝදනා මුඛයෙන් කතා කිරීම සම්බන්ධව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය.
එදින මුදල් කාරක සභාවේ එම සංවාදය ඇතුළත් පිටු 11 වැඩි වාර්තාවක් හැන්සාඩ් ගත කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.
කෙසේවෙතත් ඊට පිළිතුරු දක්වමින් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසා සිටියේ එහිදී තමා නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේ ඔවුන් අපහසුතාවයට පත් කිරීමට නොව ඊට අදාළ තොරතුරු දැන ගැනීම සඳහා සද්භාවයෙන් යුතු වූ උවමනාව මත බවයි.
කෙසේවෙතත් එලෙස ප්‍රශ්න කිරීමේ දී එම කමිටුව සඳහා සහභාගී වූ යම්කිසි නිලධාරියකු අපහසුතාවයට පත් වූයේ නම් ඒ සම්බන්ධව කණගාටුවට පත්වන බවද හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12
11-03-26
11-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
28-02-26
28-02-26