hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 14, ප.ව. 5:04



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව වෙත ගමන් ගත් Boeing 787 Dreamliner වර්ගයේ යානය මේවන විට සිංගප්පූරුවට ගොඩබස්වා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවට යන ගුවන් යානය ලොව වැඩිම පිරිසක් මේවන විට බලා සිටින (most-tracked flight) ගුවන් යානය බවට පත්ව තිබෙනවා.

මෙමගින් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ ලොව පුරා පවතින උනන්දුව මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Flightradar24.com හි දත්ත වලට අනුව, Male සිට Saudia 788 ගුවන් යානය උදෑසන 7:43 වන විට පරිශීලකයින් 5,000 කට ආසන්න පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා ගුවන් යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞදි අරාබියානු ගුවන් සේවයේ ගුවන් යානයක් සිංගප්පූරුවට සහ පසුව සෞදි අරාබියට රැගෙන යන බව මාලදිවයින් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේවන විට අදාළ යානය පුද්ගලයන් 2800කට වැඩි පිරිසක් විසින් නිරීක්ෂනය කරමින් සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: