hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 මැයි 25, ප.ව. 5:57



රාජ්‍ය ආයතන ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නිශ්චල සහ චංචල දේපළ පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ජූලි 1 වැනිදා සිට ලබාදිය යුතු බවට දන්වා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වත්මන් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඉඩම් සහ දේපළ අයිතිය පිළිබඳ තොරතුරු, ලියාපදිංචි බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු, කොටස් වෙළෙඳපොළේ කොටස් හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බව ගැසට් නිවේදනය මඟින් දන්වා ඇත.

මීට අමතරව, ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ලියාපදිංචි වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නිරන්තරයෙන් ලබා දිය යුතු බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළු ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන සියලුම ජංගම ගිණුම් පිළිබඳ විස්තර සහ ණය සහ අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද සැපයිය යුතුය.

මීට අමතරව ආයෝජන සහ කොටස් ගණුදෙණු සහ වෙනත් වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර පිළිබඳ තොරතුරු ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නිරතුරුව ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වැනි දිනට පෙර කිසියම් පුද්ගලයකු හෝ රාජ්‍ය ආයතනයක් යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් එම තොරතුරු මේ වසරේ ජුලි 1 වැනිදා සිට පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: