2025 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:04
2026 වර්ෂයේ 1 සහ 6 ශ්‍රේණි සඳහා හඳුන්වා දෙන නව මොඩියුලර් විෂය මාලාවට අදාළ ගුරු පුහුණු වැඩසටහන් එම වසරේ නොවැම්බර් මස අග වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.
ඔහු පවසා ඇත්තේ, මේ සඳහා ගුරුවරුන් පුහුණු කරන පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT – Training of Trainers) වැඩසටහන දැනටමත් 80%ක් පමණ අවසන් කර ඇති අතර, ඉතිරි පිරිස මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණුව ලබමින් සිටින බවයි.
මෙමගින් සියලු පළාත් ආවරණය වන පරිදි න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ පුහුණු කණ්ඩායම් බිහි කිරීම අරමුණු කරනු ලැබේ.
මෙම පුහුණුව සම්පූර්ණ කළ පුහුණුකරුවන් විසින් කලාප සහ කොට්ඨාස මට්ටමින් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු ඉදිරි නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර ඇති පරිදි පළමු සහ හයවන ශ්‍රේණිවල සිසුන් සඳහා අවශ්‍ය වන මොඩියුලර් පොත් මුද්‍රණය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.
2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:03
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:00
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:54
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:17
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25