2025 මැයි 08, පෙ.ව. 9:44
පළාත් පාලන ඡන්ද විමසීමේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය සහ ඒ පිළිබඳ තීරණය කිරීම සඳහා සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තෙන් සිටින බව එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, ඒ සඳහා සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.
ජාතික ජන බලවේගය දිගින් දිගටම ජනතාව රවටා ඇති බැවින් සිය පක්ෂයේ අභිප්‍රාය වන්නේ ඔවුන් බලයෙන් නෙරපාහැරීම බව ද ඇය පැවසුවාය.
එමෙන්ම සමගි ජනබලවේගය සමඟ කටයුතු කිරීමට සැමවිටම සූදානම්ව සිටි ඇය සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනත් එම පක්ෂය සමග මීට පෙර ද සාකච්ඡා කළ බැවින් එම සාකච්ඡා යළි ආරම්භ කළ හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
2026 මාර්තු 12, ප.ව. 3:51
2026 මාර්තු 12, ප.ව. 3:43
2026 මාර්තු 12, ප.ව. 3:36
2026 මාර්තු 12, ප.ව. 3:31
2026 මාර්තු 12, ප.ව. 1:32
08-03-26
08-03-26
08-03-26
08-03-26
18-02-26
18-02-26
16-02-26
16-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
09-02-26
09-02-26
02-02-26
02-02-26
30-01-26
30-01-26
27-01-26
27-01-26
25-01-26
25-01-26
20-01-26
20-01-26