hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:42



අසමගිය මගින් වැඩි වැඩියෙන් ලෝකයේ ගැටුම් ‍රැසක් නිර්මාණය වන කාලයක සාමයේ සහ සමෘද්ධිය බෙදාගන්නා ස්වර්ණමය යුගයක් සඳහා වූ බලාපොරොත්තුවද මානව වර්ගයාගේ විශාල කොටසකට මැකී යමින් පවතිනවා.

එවන් පසුබිමක ගෝලීය සාම යාච්ඤා උත්සවයක් භූතානයේ අගනුවර වන තිම්පු හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ථෙරවාද සහ මහායාන බුදුසමය නියෝජනය කරමින් මෙන්ම වජ්‍රයාන බුද්ධාගමේද අධ්‍යාත්මික නායකයින් රැසක් මෙම යාච්ඤා උත්සවයට සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම ලොව කීර්තිමත් ලාමාවරුන්ගේ දායකත්වය මේ සඳහා හිමිවන අතර මනුෂ්‍යත්වයේ සුවය සඳහා ඔවුන්ගේ හඬ එක් තැන්වන අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දීමට පුළුවන්.