2022 ඔක්‍තෝබර් 14, ප.ව. 1:28
බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන තිබුණේ පසුගිය 9 වනදායි.
ඒ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීනියක් අදාල සිරමැදිරියේ කළ සෝදිසි මෙහෙයුමකදී.
තිළිණි ප්‍රියමාලි නැමති සැකකාරිය බන්ධනාගාර තුල නීති විරෝධි තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා නඟා ඊයේ (13) වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
(මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා කියා සිටියේ.
සැකකාරිය වෙත නඟා ඇති චෝදනාවට නිවැරදිකරු ලෙස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ඉදිරියේදී ඇය ප්‍රකාශ කිරීමෙන් පසු කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා විසින් මෙම චෝදනාව වැඩිදුර විභාගය සඳහා 2022.11.03 වන දින දක්වා කල් තබා තිබෙනවා.
තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ තනිවම සිටීමට සිර මැදිරියක් ලබා දී ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සදහන් කළා.
ඒ අන් අයගේ කිසිදු බලපෑමක් ඇති නොවීමේ අරමුණෙන් එලෙස සිදු කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
2026 මාර්තු 02, පෙ.ව. 12:34
2026 මාර්තු 02, පෙ.ව. 12:31
2026 මාර්තු 02, පෙ.ව. 12:24
2026 මාර්තු 02, පෙ.ව. 12:21
2026 මාර්තු 02, පෙ.ව. 12:17
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26