hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 14, පෙ.ව. 8:35



අනාගත අභියෝගය වලට හුරු කිරීමට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව වෙනසකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සදහන් කරයි.

ඒ සදහා ඔවුන්ට අදාළ නවීන තාක්ෂණික හා භාෂා ඥානය ලබාදීමට කටයුතු කරන බවත් අනාගතයේදී ඇතිවිය හැකි පරිසර තර්ජන පිළිබඳ අවධානයට ලක් කරමින් ඊට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවද සාගල රත්නායක සදහන් කරයි.

ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණ විපර්යාස පිළිබඳව සොයා බැලීමට එම ක්ෂේත්‍රය සඳහා තරුණයන් යොමු කිරීමට යොවුන් සේනාංකය හරහා සිදු කළ හැකි බවද සාගල රත්නායක සදහන් කරයි.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තවදුරටත් සදහන් කළේ,

” රට සංවර්ධනය කිරීමට අවශ්‍ය සෑම ක්ෂේත්‍රයකටම අදාළ දක්ෂතාවයෙන් සහිත තරුණයන් බිහි කර ගැනීමට යොවුන් සේනාංකය හරහා සිදුකළ හැකියි. ඊට අදාල පුහුණු වීම් ලබාදීමට යොවුන් සේනාංකයේ මධ්‍යස්ථාන මඟින් කටයුතු කරමින් තිබෙනවා. වරාය, සංචාරක, පරිගණක  සහ භාෂා ක්ෂේත්‍රවලින් ආර්ථිකය ජය ගැනීම සඳහා

තරුණ පරපුර හැඩගැසීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා යොවුන් සේනාංකයෙන් මහඟු පිටිවහලක් ලබාගත හැකියි. ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණ විපර්යාස පිළිබඳව සොයා බැලීමට  එම ක්ෂේත්‍රය සඳහා තරුණයන් යොමු කිරීමටද යොවුන් සේනාංකය හරහා සිදු කළ හැකියි.

සියල්ල වෙනස් වෙමින් අනාගතයට සරිලන කණ්ඩායම් බිහිකිරීමේදී අනාගත අභියෝගය වලට හුරු කිරීමට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව වෙනසකට ලක් කිරීමට ද බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට අදාළ නවීන තාක්ෂණික හා භාෂා ඥානය ලබාදීමට කටයුතු කරනවා.

අනාගතයේදී ඇතිවිය හැකි පරිසර තර්ජන පිළිබඳ අවධානයට ලක් කරමින් ඊට විසඳුම් ලබාදීමටද බලාපොරොත්තු වෙනවා. ඉන්දීය සාගර කලාපයේ  භෞමික අඛණ්ඩතාවය රැකගෙන නැව් ගමනා ගමන මාර්ගයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.”

යොවුන් සේනාංකයේ තරුණ තරුණියන් ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: