hit counter

2025 ජූලි මස 17 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 17, පෙ.ව. 10:07



විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී Ferdous Al Mottakin, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

මෙහිදී Tik Tok නියෝජිතයෝ පෙන්වා දී ඇත්තේ ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ TikTok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කමයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගීතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: