2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 11:19
මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සඳහන් කරයි.
ඒ අනුව ජනතාවට ඉදිරියේදී සහන මිලට ටයිල් ලබාදීම සඳහා රජය විසින් නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සඳහන් කරයි.
අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සඳහන් කළේ,
“ජනතාවට තත්ත්වයෙන් උසස්, ඒ වගේම ගුණාත්මක, කල්පවතින ටයිල් ලබාදීමේ වගකීම කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපිට තියෙනවා.
අපේ ආනයනික ටයිල්වල තියෙන කොලිටි එකට වඩා හොඳ ගුණාත්මක ටයිල්, බාත්වෙයාර් සහ අනෙකුත් දේ ලබාදීමට අපිට හැකියාව තියෙනවා.
ලංකාවේ අද වෙද්දි ටයිල් කර්මාන්තය සියයට සියයක් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නය ජනතාවට ළඟා වෙන්න පුළුවන් මිලක් නැතිකම.
මිලදී ගැනීමේ ශක්තිය වැඩි කරන්න නම් අපි එක්කෝ වියදම අඩු කරන්න ඕනේ. මේක ලොකු අවස්ථාවක්. මේ නිසා මේ ආයතනයේ විතරක් ටයිල් කැටයක මිල රුපියල් 200කින් අඩු කරන්න පුළුවන්.”
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මේ බව සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 12:43
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:16
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:19
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:10
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25