hit counter

2025 අප්‍රේල් මස 30 වන බදාදා

2025 මැයි 01, පෙ.ව. 12:21



 “රනිල් වික්‍රමසිංහ මහතාව පෙන්වන්න ඕනේ ඉක්මනට දොස්තර මහත්තයෙක්ට. ඒ තරමට මොළේ පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළොන්නාවේ පැවති ජන හමුවකදී පැවසුවේය.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා පෙර දිනකදී පැවසූ බවට සඳහන් “මැයි 1 දා මාලිමාවේ අය කොළඹ ගිය විට ඔවුන් ගමේ බලය අල්ලා ගන්නා බවට කළ ප්‍රකාශයකට විරුද්ධවයි.

ඔ‍හු එහිදී තවදුරටත් සඳහන් කළේ තවමත් මාලිමාවට ඡන්දය දුන්නේ නැති අයවත් එකතු කර ගෙන මෙවර පළාත් පාලන මැතිවරණයෙදි 70% ක දැවැන්ත ජයග්‍රහණයක් කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

මේ ඡන්දය තම පක්ෂයට කිසිදු දුෂ්කරතාවයකින් තොරව ජයග්‍රහණය කළ හැකි බවත් දැන් ඇත්තේ පක්ෂ නොව කල්ලි බවත් ප්‍රකාශ කළේය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: