2025 ජූලි 30, පෙ.ව. 11:41
ලොව ප්‍රමුඛතම කලා මංගල්‍යය ලෙස ප්‍රචලිත මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදී සංචාරය කරයි.
කුඹල් පෙරහැර දින 05 ක් වීදි සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහැර ලබන මස (අගෝස්තු) 04 වැනි දින වීදී සංචාරය ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
අවසන් රන්දෝලි මහ පෙරහැර 08 දින රාත්‍රියේ වීදී සංචාරය කිරීමෙන් පසු පෙරහැර කරඬුව ආදාහන මළුව ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කෙරෙයි.
අනතුරුව සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ තොට වෙත ගමන් කර දිය කැපුම් මංගල්‍යය සිදු කිරීමෙන් පසු 09 දින දවල් පෙරහැර පවත්වා මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් කරන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවසීය.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවීම ඉකුත් 25දා පෙරවරු 6.05 ට යෙදුණු සුභ මොහොතින් සිදු කෙරිණි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව 29 දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට නියමිත අතර අද 27දා අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන සිව්වන දිනය වේ.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26