hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29



මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන සමයේ තමන් ඔවුන් ජනාධිපති ලෙස හැඳින්වුවද අනුර දිසානායක එම ධුරයට පත්වූ පසු ඔහුට ජනාධිපති යැයි කීම ඇතැමුන්ට ප්‍රශ්නයක් වී ඇතැයි කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නකොට අපි එයාට ජනාධිපති කිව්වා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට අපි ජනාධිපති කියලා එයාට කිව්වා.

හැබැයි අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නකොට අනුර කුමාර දිසානායකට සර් කියන්න, ජනාධිපති කියන්න ඒගොල්ලොන්ට මොකක්ද තියෙන ප්‍රශ්නේ? පිළිගන්න ලෑස්ති නෑ.

දක්ෂිණාංශික, වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී ඕනෙ රටක් අද පිළිගන්න එක දෙයක් තියෙනවා, මොකක්ද? කලින් වගේ නෙවෙයි ලංකාවේ හොඳ කොල්ලො ටිකක් රට පාලනය කරනවා. උගත්තු ටිකක් රට පාලනය කරනවා.

ඒ විතරක් නෙවෙයි දැන් ලංකාවේ ඩිසිප්ලින් තියෙනවා. දැන් ඔය සමහරු ඊළඟට බලයට එන්න හීන දකිනවානෙ, හැබැයි ඔය හීන දකින බේබිලා කල්පනා කරන්න ඕනෙ ඊළඟට බලයට ආවොතින් එහෙම අප්පොච්චිලා හිටපු කාලෙ තිබිච්ච වරප්‍රසාද නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: