2025 පෙබරවාරි 19, පෙ.ව. 11:45
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 11 වැනි දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට දී ඇති ආරක්ෂාව පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර තිබුණා.
“ඔබතුමාලාටවත් නැති එස්.ටී. එෆ්. ආරක්ෂාවක් ටිරාන් අලස්ට දී ඇත්තේ, කුමන හේතුවක් මත ද? යනුවෙන් මාධ්‍යවේදියා විසින් එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසනු ලැබුවා.
එම අවස්ථාවේ අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ජීවිත තර්ජන ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් සඳහා ආරක්ෂාව ලබා දෙන බවයි.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරීවරයෙකු පවසා ඇත්තේ, හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 19 දෙනෙකු යොදවා ඇති බවයි.
ටිරාන් අලස් සමග ම භටයින් 7 දෙනෙකු තබා ඇති බවත්, නිවාස සහ වෙනත් ස්ථානවල ආරක්ෂාව සඳහා තවත් 12 දෙනෙකු යොදවා ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත්, ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ තමාගේ ආරක්ෂාවට යොදවා ඇත්තේ විශේෂ කාර්ය සාධක බලකායේ 6 දෙනෙකු පමණක් බවයි.
නව රජය පත්වීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව 6 දෙනෙකු වෙත අඩු කළ බවත්, තමාට මෙන්ම තම පවුලේ සාමාජිකයින්ටද ආරක්ෂාව ලබා දෙන ලෙස බුද්ධි අංශ වාර්තාවලින් අනතුරු අඟවලා තිබු බවත් ඔහු පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කර ඇත්තේ, ජීවිත තර්ජන සම්බන්ධයෙන් මාස හයකට වරක් සිදු කරන විශ්ලේෂණ හරහා ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයින් කවුරුන් ද යන්න සොයා බලන බවයි.
බීබීසී සිංහල සේවය වෙත සිය අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සමහර අය සම්බන්ධයෙන් ඇසෙස්මන්ට් කරන්න කියල තියෙනවා. ආරක්ෂාව සපයන්න අවශ්‍ය නැති අය ඉන්නවා නම් ඒකෙදි තීරණය කරනවා. මාස හයෙන් හයට ඒ විශ්ලේෂණ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. අනවශ්‍ය අයට දීලා තියෙන ආරක්ෂාව ඔක්කොම අයින් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා,”
“ආරක්ෂාව පිළිබඳව තීන්දු කරන්නේ ආරක්ෂක විශේෂඥයෝ. ඔවුන් තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණ කරනවා. යම් කෙනෙක් ඉල්ලීමක් කළොත් ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා අදාළ පියවර ගන්නවා. ඒ වාර්තා අනුව ආරක්ෂාව දිය යුතු ද?, කොපමණ ආරක්ෂාවක් දිය යුතු ද? දීලා තියෙන ආරක්ෂාව වැඩි ද? මදි ද? කියන කාරණා සලකා බලනවා,”
2025 පෙබරවාරි 21, පෙ.ව. 12:31
2025 පෙබරවාරි 21, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 21, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 21, පෙ.ව. 12:11
2025 පෙබරවාරි 21, පෙ.ව. 12:08
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
19-02-25
19-02-25
19-02-25
19-02-25
19-02-25
19-02-25
18-02-25
18-02-25
18-02-25
18-02-25
18-02-25
18-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
16-02-25
16-02-25