2024 අගෝස්‍තු 24, පෙ.ව. 12:02
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රධාන මාර්ග දෙකක රථ වාහන ධාවනය සීමා කිරීම් සම්බන්ධව දැනුම්දෙනවා.
ඒ අනුව අද (24) දින අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් එදින දහවල් 1 සිට රාත්‍රි 8 දක්වා වූ කාලය තුළ රථ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අතර නවගමුව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ මහා පෙරහැර හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ 143 පරණ පාරේ රථ වාහන ධාවනය ද සීමා කර තිබේ.
ඒ අනුව අද (24) දා රාත්‍රී 8 සිට අළුයම 2 දක්වාද 25 දින උදෑසන 8 සිට දහවල් 1 දක්වා ද එම මාර්ගය රිය ධාවනය සඳහා සීමා කර තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ටද එදින විකල්ප මාර්ග පොලීසිය විසින් හඳුන්වා දී ඇති අතර එම මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ඉල්ලීමක් කර තිබේ.
එම නිවේදන පහතින්,



2025 දෙසැම්‍බර් 30, ප.ව. 2:22
2025 දෙසැම්‍බර් 30, ප.ව. 2:02
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:18
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:13
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25