hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 ජූනි 17, පෙ.ව. 12:06



ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එළඹෙන පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නොමිලේ විශේෂ දුම්රිය සේවාව ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මහව – අනුරාධපුර ප්‍රදේශය අතර දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අවසන් වී නොමැති බැවින් පොසොන් සමයේ දුම්රිය සේවා යෙදවීමට නොහැකි බවත් ඒ වෙනුවට විශේෂ බස්‌ රථ 400ක් පමණ අතිරේකව යෙදවීමට කටයුතු කරන බවද සදහන් කරයි.

අනුරාධපුර – මිහින්තලය දක්වා නව කෙටිදුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති බැවින් මිහින්තලයට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සූදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: