hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2024 ජනවාරි 17, ප.ව. 1:07



මුදලට උපකාරක පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණ.

ඒ පාසලේ තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති නොපවත්වන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබියදීත් ඊට පටහැණිව කටයුතු කිරීම නිසාය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිලි පදනම් කර ගනිමින් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් පසුගිය වසරේ ජුනි මස නිකුත් කරනු ලැබුවා.

මාරුවීම් ලද ජනප්‍රිය පාසල්වල ඇතැම් ගුරුවරු විවිධ බලපෑම් සිදු කර මාරු කිරීම් අවලංගු කර ගැනීමට කටයුතු කරන බව ද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: