2023 ජූලි 24, පෙ.ව. 11:31
සබරගමු පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට තමන් උගන්වන පන්තියේ සිසුන් උපකාරක පන්තිවලට ගෙන්වා ගැනීම තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය නොසලකා කටයුතු කරන ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස එම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය පළාතේ සියලුම විදුහල්පතිවරුන්ට නව චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.
අදාළ චක්‍රලේඛය නොසලකා තවමත් එවැනි උපකාරක පන්ති පැවැත්වෙන බවට ලද තොරතුරු මත ලේකම්වරිය විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇති.
මෙම නීතිය උල්ලංඝනය කරන පාසල් ගුරුවරුන් වෙතොත් විනය පියවර ගැනීමට ඒ ගැන දැනුම් දීමට දුරකථන අංකයක්ද සබරගමු පළාත් සභාවෙන් හඳුන්වාදී තිබෙනවා.
සබරගමු පළාත් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛ දෙකකට අනුව කටයුතු නොකරන ඇතැම් පාසල් ගුරුවරුන් තමන් උගන්වන පන්තියේ සිසුන්ට මානසික පීඩා ඇති කරමින් තම උපකාරක පන්තිවලට සහභාගි වන ලෙස බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුජානි ආර්. විජේතුංග පසුගිය සතියේදී නිකුත් කළ නව චක්‍රලේඛයේද දක්වා තිබෙනවා.
මේ සම්බන්ධව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මවුපියන් දැනුවත් කිරීමේ දැන්වීම සෑම පාසලකම පිවිසුම් ෙදාරටුවේ ප්‍රදර්ශනය කරන ලෙසද පළාත් අධ්‍යාපන ලේකම්වරිය සියලුම විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා.
නිකුත් කර ඇති චක්‍රලේඛ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාද උපදෙස් දී තිබෙනවා.
පසුගිය රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මෙම යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසල්වල ගුරුවරුන්ට තමන් පාසලේ උගන්වන විෂය සඳහා එම සිසුන් කැඳවා උපකාරක පන්ති පැවැත්වීම මේ අනුව තහනම් වන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවැසුවා.
මුදල් අය කර පවත්වන පෞද්ගලික උපකාරක පන්ති සඳහා කැඳවීම තහනම් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට පෙර අවස්ථා දෙකකදී චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පසුගිය රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය වුණා.
රජය විසින්ද නිකුත් කරන ලද චක්‍රලේඛ පදනම්ව සබරගමු පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා මෙම චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුණ ලියනගේ විසින් මෙවර රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවට මෙම යෝජනාව ගෙන එනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ මේ වන විට මධ්‍යම පළාතේ රජයේ පාසල් ගුරුවරුන් සම්බන්ධව මෙම තීරණය ගෙන ඇති බවයි.
සබරගමු පළාතේ ද එය ක්‍රියාත්මක කරන ලෙස මන්ත්‍රිවරයා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව 2016/08 සහ 2022/5 යන පළාත් අධ්‍යාපන චක්‍රලේඛ මඟින් මේ බව පළාතේ රජයේ පාසල්වල ගුරුභවතුන් වෙත දැනුම්දී ඇතැයි සබරගමු පළාතේ ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවැසුවා.
එම නියෝග සබරගමු පළාතේ පාසල් තුළ ක්‍රියාත්මක කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාවරයා මෙහිදී දැනුම් දුන්නා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි වරුණ ලියනගේ සඳහන් කළේ, ඉරිදා දිනයේ උපකාරක පන්ති තහනම් කිරීමටද මෙවැනි තීරණ ගෙන ඇති අතර ඒ ගැනද යළි සොයා බලා නීතිය බලාත්මක කළ යුතු බවයි.
කහවත්ත – ලසන්ත නිරෝෂණ
2024 දෙසැම්බර් 23, ප.ව. 5:10
2024 දෙසැම්බර් 23, ප.ව. 4:55
2024 දෙසැම්බර් 23, ප.ව. 4:06
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
22-12-24
22-12-24
22-12-24
22-12-24
27-11-24
27-11-24
19-11-24
19-11-24
18-11-24
18-11-24
11-09-24
11-09-24
10-09-24
10-09-24
04-09-24
04-09-24
31-08-24
31-08-24
24-08-24
24-08-24
18-07-24
18-07-24
27-06-24
27-06-24