hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 30, පෙ.ව. 12:19



අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජිත ජාතික ගුරු සභාව යටතේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ද ලියාපදිංචි කිරීමට සූදානම් වාර්තා වේ.

අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ. අධ්‍යාපන, පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ හා ගුරු යන සේවා හතරට ම අදාළ වැටුප් ගැටලු, සුදුසුකම් සම්බන්ධ තීරණ ඇතුළු බොහෝ කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ගුරු සභාවෙනි.

මෙම සේවා හතරට අයත් සියලු දෙනාට මෙම සභාවෙන් ලියාපදිංචි අංකයක් පිරි නමන අතර එම අංකය නොමැති ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු කළ නොහැකි වේ.

එමෙන්ම මෙම කමිටුවට ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවලට අදාළ නිර්දේශ ඇතුළත් සුබෝධිනී කමිටු තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ද පැවරේ.

පෞද්ගලික උපකාරක පන්ති නියාමන කටයුතු ද මෙම සභාව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඊට පෙර එම ගුරුවරුන් ලියාපදිංචි කෙරෙන බව වාර්තා වේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: