2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:03
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිඛිතව කරුණු දැනුම් දී තිබූ බවයි.
අනතුරුව ජනාධිපතිවරයා උන්වහන්සේලා සමඟ සාකච්ඡා කර, පවතින නීතිමය තත්ත්වය සහ ඊට අදාළ නීති රීතිවල සිදුකළ යුතු සංශෝධන පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
එම කමිටුව මේ වන විටත් රැස්වී සාකච්ඡා පවත්වා ඇති අතර, අදාළ නීති රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නොවන බවත්, අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව ගැසට් නිවේදනයක් මඟින් එය කඩිනමින් සිදුකළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඉදිරි සතියක් හෝ දින දහයක් ඇතුළත සුදුසු නීතිමය සංශෝධනයක් ගෙන ඒමට රජය අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.
විශේෂයෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දේශපාලනඥයන් මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම නලින් බණ්ඩාර වැනි මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ හඬ නැගුවද, පසුගිය රජය සමයේ සංඝරත්නයේ සිවුර ඉවත් කර සිරගත කිරීම සාධාරණීකරණය කළේ එම පිරිසම බව සිහිපත් කළේය.
එබැවින් විපක්ෂයේ මෙම මැදිහත්වීම සද්භාවයෙන් සිදු වන්නක් නොවන බවත්, හුදු පටු පෞද්ගලික දේශපාලන අරමුණක් මත පදනම් වූවක් බවත් හෙතෙම අවධාරණය කළේය.
විධායක ජනාධිපති ධුරයට හිමි බලතල අභිබවා රට තුළ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වන නීතිගරුක සමාජයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්රමුඛ අපේක්ෂාව බව සඳහන් කළ සුසිල් රණසිංහ මහතා, ජනාධිපතිවරයා පවා නීතියට ගරු කරමින් යටත්ව කටයුතු කරන සංස්කෘතියක් ගොඩනැගීමට ජනතාව ජනවරමක් ලබා දී ඇති බැවින්, රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම රටේ යහපත හා දේශපාලන සංස්කෘතියේ ධනාත්මක සන්ධිස්ථානයක් වෙනුවෙන් ගන්නා බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:07
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26