2023 ඔක්‍තෝබර් 15, ප.ව. 12:59
නැගෙනහිර පලාතේ පාසල් වල සේවය කරන ගුරුවරුන්ට තහනමක් පනවා තිබෙනවා.
ඒ තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ය.
ඒ සම්බන්ධයෙන් පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
මෙම චක්‍ර ලේඛය මගින් මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට බලය පවරා ඇත.
මෙම නියොග කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කළ හැකිය.
ඒ අනුව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි ය.
2025 ජනවාරි 03, පෙ.ව. 12:18
2025 ජනවාරි 03, පෙ.ව. 12:13
2025 ජනවාරි 03, පෙ.ව. 12:10
2025 ජනවාරි 03, පෙ.ව. 12:09
2025 ජනවාරි 03, පෙ.ව. 12:07
29-12-24
29-12-24
27-11-24
27-11-24
18-11-24
18-11-24
04-04-24
04-04-24
07-12-23
07-12-23