hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:04



අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉරිදා දිනයේ පවත්වන උපකාරක පන්ති තහනම් කරන ලෙස සංස්කෘතික ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනු අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා පවතින ලොකුම බාධාව මෙම උපකාරක පන්ති පැවැත්වීම වන බවයි.

මෙය ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම වෙනත් ආගමික නායක‍යින්ගේ ද යෝජනාවක් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර,

”ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා ලොකු බාධාවක් තියෙනවා මේ ටියුෂන් පන්ති. ඒක තහනම් කරලා දහම් පාසල් පවත්වාගෙන යන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අධ්‍යාපන ඇමතිතුමාගේ වැය ශීර්ෂයේදීත් මේ ඉල්ලීම කළා. අධ්‍යාපන අමාත්‍යංශයත් ඔබතුමත් ඒකාබද්ධ වෙලා මේ කාර්ය කරන්න. ස්වාමීන්වහන්සේලා විතරක් නෙමේ අනෙකුත් ආගමික නායකයින්ගෙත් ලොකු ඉල්ලීමක් තියෙනවා. මේ දහම් පාසල කියන එක අත්‍යාවශ්‍යයයි. ඒ කටයුත්ත කරන්න වරුවක කාලයක් ලබා දෙන්න. ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: