hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2022 මැයි 16, පෙ.ව. 11:22



විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උණ්ඩියල් ක්‍රමයට ළඟ තබාගෙන සිටි විදෙස් මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (15) බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ දීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී උණ්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් ජාවාරම් කිරීමට තැත් කිරීමේ චෝදනාව මතයි අදාළ සැකකරු අත් අඩංගුවට ගැනුණේ.

මෙම මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 18.69ක් පමණ වනවා.