hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ජූලි 27, පෙ.ව. 10:19



පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ වජිර අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයෙහි වජිර අබේවර්ධන මහතා මෙලෙස දිවුරුම් දුන්නා.

එසේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර‍යෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන් ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.