hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:04



බංකොලොත් රටක් වසර දෙකකින් ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව සැලකූයේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“මේ රටේ රතු ආණ්ඩුවක් පිහිටුවල තිබෙන්නේ අවුරුදු පනහකට පසුවයි. අපි භාර ගත්තේ බංකොලොත් රටක්. ඉන්දියාව, චීනය, ජපානය ආදී ණය දුන්න රටවලට පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහින් කතා කළා. එතුමාට ඒ කාලයේ වෙන දෙයක් කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒක කරල එන්න සිදු වුණේ ඡන්දයකටයි.

අනෙක් අය ඒ කාලය තුළදී බොරු කියමින් වෛරය පැතිරෙව්වා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙවර පරාජය වුණේ.

මිනිස්සු මින්නේරියේ දෙයියෝ කියූ සී.පී. ද සිල්වා පරාජය කර ගෙදර යැව්වා. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා මැතිවරණයෙන් පරාජය කර එළවා. අනගාරික ධර්මපාලතුමාට පවා අපහාස කළ කෘතවේදීත්වයෙන් සලකන්න නොදන්නා අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් වික්‍රමසිංහ මහත්තාටත් නොසලකා හැරියා.

ගිය වර මහ මැතිවරණයෙන් පරාජය වූ වෙලාවෙදිත් අපෙන් කැඩිල ගිය අයට එකතු වෙන්න කියල කිව්වා. ආණ්ඩුව ගත්ත ගමන් රනිල් මහත්තයා ඒ ආරාධනාව කළා. නමුත් ඒ අය කියන්නේ එකතු වෙන්න බැහැ කියලයි. පොදුජන පෙරමුණේ කට්ටිය කියන්නේ පොදු ලකුණකින් එකතු විය යුතුයි කියලයි.

ඩී.ඇස්. සේනානායක මහත්තයා පළමු වරට අගමැති වුණේ දිනල නොවෙයි. සියලු දෙනාම එකතුවෙලා එතුමා අගමැතිකමට තෝර ගත්තා. මැතිනිය ඇතුළු හැම නායකයෙක්ම පක්ෂයේ නායකත්වය තියා ගත්තා. වාහනයක් දමල ගියා නම් ඒවා ප්‍රදර්ශනය කරනවට වඩා අයිතිකරු සොයල අත්අඩංගුවට ගන්න ඕනෑ. ආණ්ඩුව ගත්ත අය එන්නේ මිනිසුන්ගේ දුක අහන්න නොවෙයි. අපි ආවම ගේ කැඩිල ඒක හදල දෙන්න, මාරුව හදල දෙන්න ආදී ප්‍රශ්න කියල ලියුම් දෙනවා. රතු ආණ්ඩුවේ කිසිම කෙනකුට ජනතාව ප්‍රශ්න කියල ලියුම් දීල තිබෙනවද?”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: