hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 23, ප.ව. 9:49



පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් සංචාරකයින් රැගෙන පැමිණි වෑන් රථයකටද හානි සිදුව තිබුණා.

සංචාරක මඟපෙන්වන්නන් මෙසේ අදහස් දක්වා සිටියා,

“මම ගෙස්ට්ලා එක්ක ඇවිල්ලා ගෙස්ට්ලට ටිකට් එකක් ගන්න එහාට ගියා. එතනට යන වෙලාවේ තමයි මේකට වැදිලා තියෙන්නේ.”

“මේකට හිර වුණේ අන්තිමේදී මේ ගෙස්ට්ලා. මේ ගෙස්ට්ලට එළියට යන්න ඕනේ. ටුවර් එක කර ගන්න ඕනේ. ගෙස්ට්ලා බය වෙලා ඉන්නේ. සංචාරක ව්‍යාපාරයේදී අපි අවුරුදු තුනක් බැට කෑවා. මේ වගේ දේවල් සිද්ධ වෙද්දී සංචාරකයෝ ආයෙත් මේ ලංකාවට එන එක නවතිනවා.”