hit counter

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා

2025 මාර්තු 01, පෙ.ව. 12:20



සරල කරන ලද එකතු කළ අගය මත බදු පද්ධතිය (VAT) ඉවත් කර ඒ වෙනුවට විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පසුගියදා සිය කනස්සල්ල පළ කළා.

ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික නවීකරණය සඳහා රජය ගන්නා ක‍්‍රියාශීලී උත්සාහය අගය කරන නමුත් ඉන් අපනයන අංශයට ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව හොඳින් සලකා බැලීම සහ එම ප්‍රතිවිපාක අවම කිරීමට සැලසුම් කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පවසන්නේ රජයේ අභිලාෂකාමී ඩොලර් බිලියන 19 ක අපනයන ආදායම් ඉලක්කයක් ලබාගෙන ඇති බවත් අපනයනකරුවන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වන බවයි.

එහෙත් මේ වන විටත් අපනයන කේෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දී තිබෙන බව එම මණ්ඩලය පැවසු අතර උච්චාවචනය වන ගෝලීය ඉල්ලුම, ජාත්‍යන්තර වෙළෙඳපොළ තරගකාරීත්වය සහ නොයෙකුත් දේශීය මෙහෙයුම් බාධක ඒ අතර තිබෙන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

තහවුරු කළ කාර්යක්ෂම ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් නොමැතිව සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත් කිරීම අපනයනකරුවන් තවත් අසීරුතාවට පත්කරනු ඇති බවත් එය අපනයනකරුවන්ට අනවශ්‍ය බරක් වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

වර්තමානයේ පවතින සරල කරන ලද එකතු කළ අගය මත බදු පද්ධතිය මගින් ආදාන මත වැට බදු හිලව් කිරීම හරහා මුදල් ප්‍රවාහ බාධා අවම කිරීම මගින් අපනයනකරුවන්ට තීරණාත්මක වාසියක් ලබා දෙන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළා.

සරල කරන ලද එකතු කළ අගය මත බදු පද්ධතිය මෙහෙයුම් බාධාවකින් තොරව ගලායෑම සහතික කරන බවත් අපනයන කරුවන්ට ගෝලීය වෙළෙඳ පොළේ තරඟකාරිත්වය පවත්වා ගැනීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඩිජිටල්කරණය කාලෝචිතව සහ කාර්යක්ෂමව වැට් බදු ආපසු ගෙවීම් සහතික කරනු ඇතැයි යන උපකල්පනය මත යෝජිත නව පද්ධතිය රඳා පවතින බවත් ඩිජිටල් ආර්ථිකයක් සඳහා රජයේ දැක්මට ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහාය ලබා දුන්නද නව පද්ධති හඳුන්වා දීමට පෙර ඒවා හොඳින් අත්හදා බැලිය යුතු බවත් සඳහන්.

නව පද්ධතියට යොමු වීමේදී පරෙස්සමෙන් අධීක්ෂණය කළ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසත් ඒ සඳහා පහත නිර්දේශ ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා අපනයන කරුවන්ගේ ජාතික මණ්ඩලය පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: