hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 1:06



වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙනවා.

වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග ලේකම් හෝ අමාත්‍යාංශ ලිපිනය යටතේ වාහන 650ක් ලියාපදිංචි වී තිබුණා.

එහෙත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේඛනය අනුව අමාත්‍යාංශයට අයත් පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 306ක්.

ඒ අනුව වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද