hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 12:06



වසර හතරකින් මෙරටට වාහන ආනයනය කර නොමැතිවීමෙන් පාරිභෝගිකයින් මෙන්ම ආනයනකරුවන් ද දැඩි දුෂ්කරතාවයට මුහුණ පා ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ ලක්ෂ 4කට අධික පිරිසකට මේ හේතුවෙන් රැකියා අහිමි වී ඇති බවයි.

මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට සහනයක් ලැබේ යැයි බලා සිටිය ද, එය ද සිහිනයක් බවට පත්ව තිබෙනවා.

මේ වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට පහසුකම් සලසන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බව ද ඔහු පැවසුවා.

සීමා සහිත වාහන යම් ප්‍රමාණයක් ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ලංකා මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: