hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 12:02



මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ,දකුණු පළාත් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ දකුණු පළාත් සියලුම පොලිස් රෝහල්වල අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් එක්ව  මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා zoom තාක්ෂණය ඔස්සේ මරදාන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්විණ.

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මකව පවතී.

එහි දිගුවක් ලෙස එම ව්‍යාපෘතිය දකුණු පළාත ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව, රජයේ රස දෙපාර්තුමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි වූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: