hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 28, පෙ.ව. 12:04



විදේශයන්හි සිට අමතර කොටස් ලෙස මෙරටට ආනයනය කර මෙරටදී කොටස් එකලස් කර යතුරුපැදි ලෙස ව්‍යාජ ලියවිලි සහිතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් හඳුනා ගැනීමට වලාන දූෂණ මර්දන අංශය සමත්ව තිබෙනවා.

මෙම ජාවාරමට හසුවී යතුරුපැදි මිලදී ගත් පාරිභෝගිකයන් එම යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකිව මහත් අසරණ තත්ත්වයට පත්ව ඇති බව පොලිසිය කියයි, කෙසේවෙතත් මෙම නීති විරෝධී බලපත්‍ර සහිත යතුරුපැදි විකිනීම මෙන්ම මිලට ගත් අයත් මෙරට නීතියට අනුව විශාල වරදක් සිදුකර ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

ඔවුනට භාණ්ඩ සහ මුදල් දෙකම අහිමි වී නීතිමය කටයුතු සඳහා පෙනී සිටීමටද සිදුව ඇති බව වාර්තා වෙනවා.

කුරුණෑගල, වාරියපොල, මාස්පොත හා නාත්තන්ඩිය යන ප්‍රදේශ මූලික කරගනිමින් මෙලෙස යතුරුපැදි එකලස් කර විකුණන මධ්‍යස්ථාන 4ක් ඊයේ දිනයේදී හඳුනාගෙන ඇති අතර එහිදී එලෙස ව්‍යාජ ලෙස සකසා විකිණීමට තිබූ යතුරු පැදි 45ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාවාරම්කරු විසින් මෙසේ එකලස් කළ යතුරුපැදි ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි බවට ව්‍යාජ ලේඛන සකස් කර අළෙවි කරන බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: