hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි 10, පෙ.ව. 12:05



වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් වෙළඳපොළේ වාහනවල විකුණුම් මිල ගණන්ද වෙනස් වන බව  ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව රජය විසින් බදු අනුපාත වැඩි කළහොත් වාහන මිල ස්වයංක්‍රීයව ඉහළ යන බවත්, බදු අනුපාත අඩු කළහොත් වාහන මිල අඩු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

වාර්තා වන පරිදි මේ වන විට වෙළඳපොළේ ඇති දේශීය ජපන් මෝටර් රථයක් සඳහා අය කරන බදු මුදල එහි නිෂ්පාදන මිලෙන් ආසන්න වශයෙන් 300%ක් වේ.

ආනයන සීමා කිරීම් හේතුවෙන් භාවිතා කළ වාහනවල මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් ඇති වී ඇති අතර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ එම මිල සාමාන්‍ය තත්ත්වයට පත් වන බවයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: