hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:25



රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්විය.

එම කාරක සභාවේදී අනාවරණය වූයේ වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇති බවයි.

එහිදී සභාපත්වරයා සහ කාරක සභාවේ නියෝජිතයින් අතර ඇති වූ සංවාදය,

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට? 

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්  දිලිප් සිල්වා – “මේ වසරට බිලියන 460ක්.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක වෙනස් වුණේ නැද්ද? 

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා.  මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. අපිට පේනවා බිලියන 700ක් වගේ එන විදියක් පේනවා.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ණයවර ලිපි කීයක් ඇරලා තියෙනවාද? 

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “ඩොලර් මිලියන 1570ක්.  සැප්.16 වෙනකම්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: