hit counter

2025 දෙසැම්‍බර් මස 17 වන බදාදා

2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:03



මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන්නේ ආපදාවෙන් හානියට පත් වූ රථවාහන පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට මේ මස 31 වෙනිදා දක්වා කල් ලබාදී ඇති බවත් එම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ලබන ජනවාරි මාසයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගොස් ජංගම සේවා ක්‍රියාත්මක කර එම වාහනවල තොරතුරු ලබාදී අදාල ගැටලු විසඳීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

ආපදා තත්වය හේතුවෙන් හානි වූ රථ වාහන පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මේ මස අවසානයේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ආපදාවෙන් හානියට පත් වූ රජයේ වාහන සහ පෞද්ගලික වාහන සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විගස ජනවාරි මාසයේදී ජංගම සේවා මගින් අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී රථවාන හිමිකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාදී ඊට අදාල ගැටලු විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද කමල් අමරසිංහ පෙන්වා දෙනවා.

ඇතැම් ප්‍රදේශවල නාය යෑම් මගින් පස්වලට යටව වී තිබෙන රථ වාහන පිළිබඳ තවමත් තොරතුරු ලැබී නොමැති බවත් එම රථවාහන සම්බන්ධයෙන් ද තොරතුරු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් සමහර රථ වාහනවල ආදාල ලියකියවිලිද විනාශ වී ඇති බවට වාර්තා වන බවත් එම නිසා එම රථ වාහනවල තත්ත්වයන් සහ එම ලියකියවිල තත්ත්වයන් පිළිබඳව නිවැරදි තොරතුරු ජංගම සේවාවලදී අදාල හිමිකරුවන්ට ලබාදීමට අපේක්‍ෂා කරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ජනවාරි මාසයේදී අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකිරීමට බලාපොරොත්තු වන මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාල නිළධාරීන්ගේ ද සහයෝගය ලබා ගන්නා බවත් විපතට පත්ව සිටින ජනතාවගේ පහසුව සඳහා ඔවුන් සිටින ප්‍රදේශවලටම ගොස් මෙම ජංගම සේවා පවත්වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: