hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 20, පෙ.ව. 8:39



එළඹෙන පෙබරවාරි මාසයේ දී වාහන ආනයනයට ඉඩ තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවක දී ය.

එමෙන්ම, අමාත්‍යංශ වලට ගිය පසුව වාහන ඇති බව සදහන් කළ ඒ මහතා ලංකාවට ඔරොත්තු නොදෙන වාහාන දැනට පවතින්නේ බව පැවසීය.

එම වාහන ගෝල්ෆේස් අසල ගොඩ ගසා තිබීම අවදානම් හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වලට ගෙන ගිය බව ජනපති අවධාරණය කළේ ය.

එමෙන්ම, වාහන ගෙන් වීම මත වාහන මිලේ යම් වෙනසක් සිදුවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: