hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 02, පෙ.ව. 12:19



වාහන ආනයනය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ වසර ගණනක  සිට වාහන ආනයනය නතර කර තිබූ මොහොතක ඊයේ (01) සිට පුද්ගලික වාහන ආනයනයට අවසර ලබා දුන් බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (01) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,

“අවුරුදු ගණනක සිට මෙරටට වාහන ආනයනය කරන්නේ නැහැ. පුද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අද සිට අවසර දුන්නා. හැබැයි මෙය අසීරු, ප්‍රවේසම් සහගතව කළ යුතු කාර්යයක්.

මොකද වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන්න සියලුම දෙනාම පෙබරවාරි මාසයේම ආනයනය කළොත් ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම්සහගතව වාහන නිදහස් කරන්නේ.

‍ඩොලරයේ අගය ඉහළ ගිය නිසා වාහන මිල වැඩියි. අමතරව බදු කිහිපයක් පනවා තිබෙනවා.ඇයි ඒ එකවර ඉල්ලුම වැඩි වුණොත් අර්බුදයක් නිර්මාණය වෙනවා.ආරම්භයේ දී මිල ඉහළ යයි.. කලක් ගිය පසු මිල අඩු කිරීමේ අපෙක්ෂාවකුත් තියෙනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: