2025 පෙබරවාරි 03, පෙ.ව. 11:46
වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.
ඒ, අනුව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ, වාහන නිෂ්පාදකයන් සාමාන්‍යයෙන් නිෂ්පාදිත වර්ෂය සඳහන් කළත් නිශ්චිත නිෂ්පාදිත දිනයක් ප්‍රකාශයට පත් නොකරන පසුබිමක නිකුත් කළ ගැසට් නිවේදනයේ මග පෙන්වීම්වලට අනුකූල වන ලෙසින් වාහන ගෙන්වීමේදී ප්‍රායෝගික ගැටලු නිර්මාණය විය හැකි බැවින් මෙම ගැසට් නිවේදනය හැකි ඉක්මණින් සංශෝධනය කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
ඒ, සම්බන්ධයෙන් ප්‍රධාන පුවත්පතකට අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ, මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් අංශයේ නිලධාරියෙක් මෙම ගැටලුකාරී තත්ත්වයට වගකිවයුතු බවට තමන් චෝදනා කරන බවයි..
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, එම නිලධාරියා වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන තර්ක ඉදිරිපත් කළ බවයි.
ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ,වාහනයක් යනු කේක් එකක් වැනි දෙයක් නොව එම නිෂ්පාදනය සම්පූර්ණ වීමට මාස 4ක් 5ක් යන බවත් ,මේ අනුව නිෂ්පාදනය කළ දිනය යනු එන්ජිම නිපදවන දිනය ද බොඩිය හදන දිනය ද ටයර් සවි කරන දිනය ද යන්න සොයා ගැනීමට නොහැකි බවත්, නිෂ්පාදිත වර්ෂය පමණක් සොයා ගැනීමට නොහැකි බවත්ය.
මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ, වාහනයක් ආනයනයේදී සුඛෝපභෝගී බද්ද, රේගු බද්ද ,18%ක වැට් බද්ද ආදී බදු ඇතුළත් වන අතර 2019දී ලක්ෂ 35ක්ව පැවැති සුඛෝපභෝගී බද්ද ලක්ෂ 50ත් 55ත් දක්වා වැඩි කර ඇති බවයි.
ඒ අනුව, එන්ජින් ධාරිතාව 1800 කාර් හා ජීප් සඳහා මීට පෙර තිබූ ලක්ෂ 35ක සුඛෝපභෝගී බද්ද පෙට්රල් වාහන සඳහා ලක්ෂ 50කුත් දෙමුහුන් වාහන සඳහා ලක්ෂ 55 දක්වාත් වැඩි කර තිබෙනවා.
මේ අතර වාහන බදු එකතු වීම සිතා ගැනීමට හෝ නොහැකි තරම් සංකීර්ණ කර ඇති බවත් එය නූල් බෝලයක් ලෙස පටලවා ඇති බවත් රේගුවේ නිලධාරීන්ට බදු එකතු වෙන ආකාරය ගැන නිසි අදහසක් තවම නැති බව ත් වාහන ආනයනකරුවෙක් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම වෑන් ආනයනය කිරීමට නොහැකි වන ලෙස විශාල ලෙස බදු පනවා ඇති බවද ඔහු පවසා ඇත.
මේ අතර අවුරුදු 5ක් පැරණි වාහන ගෙන්වීමට රජය ඉඩ නොදීම සාමාන්‍ය මධ්‍යම ජනතාවට අඩු මිලට වාහනයක් ගැනීමට වූ අවස්ථාව අහිමි කර ඇති බවත් ජනතාව පීඩනයට පත් වූ බව ත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.
තව ද, වර්තමානයේ ලක්ෂ 50ත් 70ත් අතර මිලකට අලෙවි වන වැගන්-ආර් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි බවත් ඒ අනුව එහි නව මිල ලක්ෂ 75ත් 90ත් අතර වනු ඇති බව ත් වාහන ආනයනකරුවන් සඳහන් කරනවා.
පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනය සඳහා වසර 5කට අධික කාලයක් පනවා තිබූ තහනම ඉවත් කර ඇත.
ඊට අදාළව මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව කාර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනයට අද සිට අවසර හිමිවේ.
ඒ අනුව, කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන සඳහා යොදාගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රිරෝද රථ යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන වාහන ආනයනයට අවසර හිමිව තිබේ. එම වාහන ආනයනයට අදාළව ආනයන අපනයන පාලකවරයා වෙත විශේෂ රෙගුලාසි ද නිකුත් කර තිබෙනවා.
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:40
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:34
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:09
2025 පෙබරවාරි 03, පෙ.ව. 10:52
2025 පෙබරවාරි 03, පෙ.ව. 10:06
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25