hit counter

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා

2025 පෙබරවාරි 24, පෙ.ව. 12:06



වාහන ආනයනයේදී බදු අඩු කිරීමට හෝ මිල අඩු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ , පෙබරවාරි මාසයේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු බලාපොරොත්තු වූවාට වඩා ඉල්ලුම අඩු වුවහොත් වාහන සඳහා බදු කපාහැරීමට ඉඩ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා මඟින් තමා කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියාසිටියේ තමන් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ, වාහන ඉල්ලුම සහ මිලදී ගැනීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ මිල ගණන්වල වෙනසක් සිදුවිය හැකි බව පමණක් බවයි.

වාහන ආනයන සීමා ලිහිල් කර ඇත්තේ සාමාන්‍ය වෙළඳපල තත්ත්වයන් යටතේ නොවන බවත්, විශේෂ වශයෙන්ම විදේශ විනිමය යටතේ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

“ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමට නිදහස ලබා දී තිබුණත් මේ සඳහා යොදවන විදේශ විනිමය මහ බැංකුව විසින් නිරීක්ෂණය කරනවා”

වාහන ආනයනය සඳහා ඉල්ලා ඇති ණයවර ලිපි (LC) සහ වෙළඳපල ක්‍රියාකාරිත්වය මත පදනම්ව විදේශ විනිමය මුදා හැරීම සම්බන්ධයෙන් හෝ එම ක්‍රියාවලියේ යම් වෙනස්කමක් සිදුවන්නේ නම් එය මහ බැංකුව විසින් තීරණය කරනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: