hit counter

2025 මැයි මස 30 වන සිකුරාදා

2025 මැයි 30, පෙ.ව. 12:15



විදුලි හා plug in hybrid මෝටර් රථවල මිල 10% සිට 30% දක්වා පමණ ප්‍රමාණයකින් අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

මෙම මෝටර් රථ චීන විදුලි වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන BYD සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි.   මෙම වට්ටම, එළඹෙන ජුනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වන බවයි එම සමගම පවසා සිටින්නේ.

බැටරි බලයෙන් ක්‍රියාත්මක වන සහ plug in hybrid මාදිලි 22ක් සඳහා 10 සිට 30%ක වඩා වට්ටමකට යටත් වන බව ඉකුත් සිකුරාදා දින BYD සමාගම නිවේදනය කර සිටියා.   

එම වට්ටම් ප්‍රධාන වශයෙන් යුවාන් 150,000ට (ඇමරිකානු ඩොලර් 20,820) අඩු මාදිලි සඳහා අදාළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.   

අදාළ වට්ටම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු BYD seagull රථයක් මෙරට මුදලින් රුපියල් මිලියන 2.3ක් පමණ වන අතර BYD sealion 05 මෝටර් රථයක් රුපියල් මිලියන 2ක් පමණ වනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: