2025 ජූනි 06, පෙ.ව. 12:03
 
            
2025 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ, වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 136 ක ආදායමක් උපයා තිබේ.
මේ වසර සදහා වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 450ක ආදායමක් අපේක්ෂා කරන අතර, එම ඉලක්කය සපුරා ගැනීමට රජයට හැකි වනු ඇතැයි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න පවසයි.
වාහන ආනයන සඳහා මේ දක්වා ණයවර ලිපි 596 ක් විවෘත කර තිබෙන අතර, ඩොලර් මිලියන 273 ක වටිනාකමකින් යුතු වාහන රේගුවෙන් නිශ්කාශනය කර ඇති බවත් වාර්තා වේ.
වාහන ආනයනය සඳහා වැය කරන සෑම ඩොලරයකින්ම රජය ඩොලර් 1.7 ක ආදායමක් උපයා තිබෙන අතර රජයේ අපේක්ෂාව වී තිබුණේ ඩොලරයකින් ඩොලර් 1.5 ක ආදායමක් ඉපැයීමය.
කෙසේ වුව ද වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන තුන්සියය ඉක්ම වූ බදු ආදායම් ඉපැයීමට අපේක්ෂා කළ ද එය සපුරාගත හැකි ඉලක්කයක් නොවන බව ආචාර්ය හර්ෂද සිල්වා අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබිණි.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25