2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
වාහන සඳහා පවතින ඉහළ ඉල්ලුම අඛණ්ඩව පැවතියහොත්, ඉදිරි මාසවලදී ද මෙරට වාහන ආනයනය අධෛර්යමත් කිරීමේ අරමුණින් රජයට ප්‍රතිපත්තිමය පියවර ගැනීමට සිදු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
මේ යටතේ, ලබන වසරේ අයවැය තුළින් වාහන සඳහා වන බදු සහ වාහන මිලදී ගැනීම් සඳහා ලබා දෙන ණය පහසුකම්වලට අය කරන පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කිරීමට ඉඩ ඇත.
පසුගිය පෙබරවාරි මාසයේදී වසර පහකට පසු වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව, වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වේ. ඉන් ඩොලර් මිලියන 550 ක ණයවර ලිපි සඳහා දැනටමත් ගෙවීම් සිදු කර ඇත.
පවතින ඉල්ලුම අඛණ්ඩව පැවතියහොත් එය කළමනාකරණය කිරීම සඳහා රජයට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති වැඩසටහනට අනුව, වාහන ආනයනයට සීමා පැනවීම අපහසු වුවද, ආනයනය අධෛර්යමත් කිරීම සඳහා පියවර ගැනීමට රජයට හැකියාව පවතී.
නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය තුළින් එවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඉහළ සම්භාවිතාවක් ඇත.
මේ වන විට පෞද්ගලික භාවිතය සඳහා වාහන 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත.
2025 අගෝස්‍තු 04, ප.ව. 4:59
2025 අගෝස්‍තු 04, ප.ව. 3:52
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:01
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25