hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 19, පෙ.ව. 10:30



නිෂ්කාශන ප්‍රමාදයන් සහ ලියකියවිලි ගැටළු හේතුවෙන් වාහන 10,000කට වැඩි ප්‍රමාණයක් වරායන්වල සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මිරිංචිගේ පවසනවා.

ඔහු මෙ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔහු පවසා සිටියේ, අගෝස්තු 15 සිට දින 45 ක් ඇතුළත වාහන 8,726 ක් වරායන්හි රඳවාගෙන ඇති අතර, 2025 පෙබරවාරි 1 වන දින සිට තවත් වාහන 751 ක් දින 45 කට වැඩි කාලයක් වරායන්හි සිරවී ඇති බවයි.

මීට අමතරව, මෙම වසරේ පෙබරවාරි 1 වන දිනට පෙර ආනයනය කරන ලද වාහන 200ක් පමණ හම්බන්තොට වරායේ අපැහැදිලිව පවතින බව හම්බන්තොට වරාය පරිපාලනයෙන් ලබාගත් දත්ත මත පදනම් වෙමින් ඔහු පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: