2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 11:33
අලුත් වාහන වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් ගැන වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ දිනවල පාවිච්චි කළ ලියාපදිංචි වාහන විකිණීම අඩුවෙමින් පවතින බවයි.
විශේෂයෙන්ම රජය වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ අලුත් වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණීම ඊට හේතුව ලෙස ඔවුන් පවසයි.
මෙවැනි තත්ත්වයක් තුළ, පළමු වරට වාහනයක් ගන්නා අය මෙන්ම, අමතර වාහනයක් ගැනීමට බලාපොරොත්තු වන පිරිස්ද ලියාපදිංචි නොකළ, එනම් අලුත් වාහන මිලදී ගැනීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බව ඔවුන් පවසයි.
මෙම වාහන අතරින් වැඩි දෙනෙක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී යයි.
අද වන විට සාමාන්‍ය මිලකට මිලදී ගත හැකි විදුලි වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණ තිබීමත්, මෙම වාහන ප්‍රමාණයෙන් කුඩා වීමත්, එක් ආරෝපණයකින් වැඩි දුරක් ගමන් කළ හැකි වීමත් මෙම ප්‍රවණතාවට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි.
මෙලෙස ලියාපදිංචි කළ වාහන විකිණීමේ අඩුවක් දක්නට ලැබෙන නිසා, දැනට ඉහළ මිලකට අලෙවි වන පාවිච්චි කළ ලියාපදිංචි වාහනවල මිලද ඉදිරි කාලයේදී සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවැකි පල කරයි.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26