2026 පෙබරවාරි 23, පෙ.ව. 8:50
වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් කොළඹ හා හම්බන්තොට වරායන්වල සිරවී තිබෙන ආනයනික මෝටර් රථ 2000 ක පමණ තොගය නිදහස් කර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසා ඇත්තේ මේ වනවිට අදාළ වාහන තොගය නිදහස් කරගැනීමට නොහැකිව ඇත්තේ වාහන ආනයනයට අදාළ නිර්දේශ ඇතුළත් ගැසට්ටුවට පෙර මෙම වාහන ඇණවුම් කර තිබීම හේතුවෙන් බවයි.
වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වාහන ආනයනයට අදාළ සියලු මුදල් මේ වනවිට ගෙවා අවසන් බවත් වාහන තොගය නිදහස් කිරීමට අදාළ කොන්දේසිවලට යම් සහනයක් ලබාදී හෝ වාහන තොගය නිදහස් කර දෙන ලෙසයි.
ඒ මගින් රජයට අදාළ බදු මුදල් ලබාගත හැකි බවත් මෙම වාහන තොගය නිදහස් කරගත නොහැකිවීම හේතුවෙන් අලුතින් ගෙන එන වාහන තැන් තැන්වල ගාල් කර තැබීමට සිදුව ඇති බවත් ඔහු පවසයි.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26