2022 මැයි 14, ප.ව. 10:38
සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය උදාවීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි.
2019 වසරේ බුදු තෙමඟුල සැමරීමට ආසන්නව කාලසීමාවකදී සිදු වු පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග වෙනත් වසරවල උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උත්සවය අත්හැර දැමීමටයි ලක් වාසීන්ට සිදුවුයේ.
ඉන් අනතුරුව 2020, 2021 වසර දෙක තුළද මාරාන්තික කොවිඩ් උවදුර පැතිරයාමත් සමග මෙරට ජනතාවට වෙසක් සැමරුම් අතහැර නිවසටම වී කල් ගෙවීමයි සිදු වුයේ.
කෙසේවෙතත් වෙසක් පොහොය නිමිත්තෙන් පිටකොටුවේ බෝගහ අසල ඉදි කරමින් තිබූ තොරණ අද දහවල් හැමූ තද සුළඟි කඩා වැටී ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි.
සුළඟට අසු වූ තොරණ සම්පූර්ණයෙන්ම පිටුපසට ඇල වී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
නාම සිද්ධි ජාතකය පිලිඹිබු කරන මෙම තොරණ විසි පස් වන වරටත් පිටකොටුව වෙළඳ සංගමය අනුග්‍රහයෙන් ඉදි කර තිබෙනවා.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21