2025 ජූනි 21, පෙ.ව. 12:04
ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණියට අවශ්‍ය බවක් පවසන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුද ගැටුම් මත එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන් යම් පීඩාවකට පත්වෙලා තිබෙනවා. ඉරානයේ ගත්තොත් 35ක් විතර තමයි ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ඊශ්‍රායලයේ 20,000ක් විතර ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා.
ඊශ්‍රායලයේ ගුවන්තොටු පළවල් සියල්ල වහලයි තිබෙන්නේ. ගුවන්යානා කිසිවක් අභ්‍යන්තරයේ වැඩ කරන්නේ නැහැ. නමුත් තානාපති කාර්යාලය මේ වන විටත් එයට මැදිහත් වෙමින් තිබෙනවා.
පසුගිය දවස්වල ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් තිදෙනකුට බරපතළ නැහැ. එක්කෙනෙක්ගේ කකුලට වීදුරුවක් කඩාගෙන වැටිලා යම් බරපතළ තත්තක්වයක් ඇති වී තිබුණා. ඔහුත් මේ වන විට රෝහල්ගතකර ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
අනිත් අයටත් මේ වන විට ප්‍රතිකාර ලබාදී තිබෙනවා. ඒ අවශ්‍ය කරන කෑම, බීම ඉඳුම් හිටුම් පිළිබඳව තානාපති කාර්යාලය පැය 24ම මැදිහත් වෙනවා. ඒ වගේම අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන අපි දැනටමත් සපයා දී තිබෙනවා.
ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න ඕනා කියලා කියන්නේ නැහැ. ඒ පිරිස් ඊශ්‍රායලයේ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. තානාපති කාර්යාලය, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ දැනුවත් කිරීමේ කරනවා.
විශේෂ තත්ත්වයක් මතු වුණොත් ඒ කියන්නේ යුද්ධය තවදුරටත් තීව්‍ර තත්ත්වයකට පත්වුණොත් අපි ආසන්න රටවල ගුවන්පථ වලට ගුවන්යානා යවලා ඒ හරහා අපේ ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන එන්න දැනටමත් කටයුතු සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම වෙනත් රටවල තානාපති කාර්යාල හරහාත් අපි සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ අයගේ සහායත් ඇතිව අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි දැනටමත් කටයුතු කරලා තිබෙනවා. ඕනෑම අවස්ථාවක අපි සූදානමින් ඉන්නවා ඒ ලාංකිකයන් ගෙන්වා ගැනීමට”
2025 ජූනි 21, පෙ.ව. 12:27
2025 ජූනි 21, පෙ.ව. 12:14
2025 ජූනි 21, පෙ.ව. 12:12
2025 ජූනි 21, පෙ.ව. 12:10
2025 ජූනි 21, පෙ.ව. 12:08
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25