2024 ජූලි 25, පෙ.ව. 12:02
ගුවන්තොටුපොල ආශ්‍රිතව ක්‍රියාත්මකවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘතවීමේ අවදානමක් මතුව ඇති තිබෙනවා.
එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වූ පාටලී චම්පික රණවක, රාහුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සමේවල වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිනවා.
මෙම විද්‍යුත් විසා ක්‍රමවේද හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු බාහිර පාර්ශවයන්ට හෙළිවීමේ අවධානමක් ඇති බවත් එමඟින් රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවද පෙත්සම් කරුවෝ අනතුරු අඟවා සිටිනවා.
මේ තුළින් මෙරට ජනතාවට අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවන බවද පෙත්සම් කරුවෝ පෙන්වා දෙන අතරම, මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ අනුව අදාළ ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.
2025 මැයි 16, පෙ.ව. 12:35
2025 මැයි 16, පෙ.ව. 12:27
2025 මැයි 16, පෙ.ව. 12:16
2025 මැයි 16, පෙ.ව. 12:11
2025 මැයි 16, පෙ.ව. 12:08
16-05-25
16-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25