2025 ජූනි 20, පෙ.ව. 12:09
ආණ්ඩුව විරුද්ධ සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආදී විරුද්ධ පක්ෂ කණ්ඩායම් සමග එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හොඳ තත්ත්වයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
“ආණ්ඩුව පොහොට්ටුවත් එක්ක බලය පිහිටුවනවා. ආණ්ඩුව සමහර තැන්වල සජබය සමඟ බලය පිහිටුවනවා. සියලු දෙනා අතර එකමුතුකමක් ඇතිවෙලා තිබෙනවා. මං හිතනවා මේක ශ්‍රී ලංකාවට හොඳ ආදර්ශයක් වේවි. බෙදීමට වඩා එක්වීම හොඳයි කියලයි මං විශ්වාස කරන්නේ.
නමුත් මහ ජනතාව මහජන නියෝජිතයන්ට වගකීමක් දීලා තිබෙනවා, විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය ඉටු කරන්න. එතකොට ඒ විරුද්ධ පක්ෂයේ කාර්යභාරය රහසේ ප්‍රදර්ශනය කරන අවස්ථාව පසුවුණා.
ඒ කියන්නේ ඡන්ද පාවිච්චි කරන අවස්ථාව. එතකොට රහසේ ඡන්දය පාවිච්චි කරාට පස්සේ එහි ප්‍රතිඵලය ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. දැන් සඟවන්න දෙයක් නෑ. විරුද්ධ පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා, ආණ්ඩු පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා.
එහෙනම් දැන් නැවත විරුද්ධ පක්ෂය රහස්‍යභාවයට යනවා නම් ඒ කියන්නේ සොරකමක් සඳහා ගමන් කිරිමයි කියන එක තමා මගේ කල්පනාව. හැබැයි එ්කෙනුත් රටට යහපතක් වෙනවා කියලා මං විශ්වාස කරනවා.
මොකද ජේවිපි එකයි පොහොට්ටුවයි එකතු වෙනවා, ජේවිපි එකයි සජබේයි එකතු වෙනවා එක්සත් ජාතික පක්ෂයි සජබේයි එකතු වෙනවා.
සියලු දෙනා එකමුතු වෙලා. ඉතින් බලමු මේකෙත් අවසාන ප්‍රතිඵලය 339යක් ආයතන අවසානයේ බලය පිහිටුවනකොට සාමුහික එකමුතුකමක් ඇති වුණෝතින් එක ඉතා වැදගත් කියලයි මං විශ්වාස කරන්නේ.”
2025 ජූනි 20, පෙ.ව. 12:10
2025 ජූනි 20, පෙ.ව. 12:09
2025 ජූනි 20, පෙ.ව. 12:08
2025 ජූනි 20, පෙ.ව. 12:08
2025 ජූනි 20, පෙ.ව. 12:08
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25
05-06-25
05-06-25
02-06-25
02-06-25